April 25, 2024

කොළඹ කොරෝනා ව්‍යාප්තිය වාර්තාගත ලෙස ඉහළට

ඊයේ (28) දිනයේ හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 335 දෙනාගෙන් 237 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන් ආසාදිතයින් 161 දෙනෙකු කොළඹ නගර සීමාවෙන් හඳුනාගෙන ඇති අතර 17 දෙනෙකු කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වේ.

මීට අමතරව කිරුලපන 06 දෙනෙක්, පාමංකඩ 02 දෙනෙක්, මෝදර 06 දෙනෙක්, මට්ටක්කුලිය 21 දෙනෙක්, කොටහේන 04 දෙනෙක්, නාරාහේන්පිට 06 දෙනෙක්, වැල්ලම්පිටිය 01 දෙනෙක්, මාළිගාවත්ත 03 දෙනෙක්, කඩුවෙල 01 අයෙක්, වැල්ලවත්ත 05 දෙනෙක්, බොරැල්ල 03 දෙනෙක් සහ තුන්මුල්ල 01 දෙනෙක් ලෙස මෙම ප්‍රදේශවලින් නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සඳහන්ය.

Rate this item
(1 Vote)