December 01, 2020

ඇඳිරි නීතියට මුවා වී වසනවා යැයි කියූ මීගොඩ ආර්ථිකයේ බඩු මිල අහස උසට දමයි

සතියකට වසා දමනවා යැයි කියූ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (28) රාත්‍රියේ සියලුම එළවළු හා ලූණු වර්ගවල මිල ගණන් සියයට විසි පහකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා තිබේ .

අද (29) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බස්නාහිර පළාත් නිරෝධායන ඇඳිරි නීතියට මුවා වී මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් මෙම ක්‍රියාව සිදුකොට තිබේ .

මේ නිසා බොහෝ කඩහිමියන් අධික මිල ගණන් වලට එළවළු හා ලූණු වර්ග ගැනීමට බැරි වී තිබෙන්නේ එම භාණ්ඩ යලිත් අධික මිලකට පාරිභෝගියන්ට විකිණීමට නොහැකිකම නිසාය .

Rate this item
(0 votes)