එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණිමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වේ.
ඒ අතර මයික් පොම්පියෝ මෙරටට පැමිණිමට එරෙහිව තානාපති කාර්‍යාලය වෙත ලිපියක් බාරදීමටද ඔවුන් කටයුතු කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ පැමිණීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ මෙම සංචාරය දකුණු ආසියානු කලාපය තම ඇමරිකා වුවමනා අනුව හසුරුවා ගැනීමේ එක් ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.
ශ්‍රී ලංකාව ද ඔවුන්ට වුවමනා පරිදි ගිවිසුම්ගත කරගැනීමට මෙම සංචාරයේදී සූදානම් කර ඇතැයි විරෝධතාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේය.
විරෝධතාව හේතුවෙන් ඒ අවට පොලිස් ආරක්‍ෂාව දැඩි කර තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරණයට දින ගණනක් ඉතිරිව තිබියදී ඔහු මෙසේ ආසියාවේ හදිසි සංචාරයක නිරතවීම ද සංවාදයට තුඩු දී ඇති කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.