March 28, 2024

"මදූෂ් කියන්නේ මාස්ටර් මයින්ඩ් කෙනෙක්, එතරම් ප්‍රබල අපරාධ කරුවෙක්" - පලමු වරට අපරාධ ලිපිගොනුව මාධ්‍යකට

මදූෂ් යනු Master Minder (මාස්ටර් මයින්ඩ්) කෙනෙකු බවත් ඔහු ප්‍රබල අපරාධකරුවෙකු බවත් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

ඔහු මේ බව අනාවරණය කළේ යුටියුබ් සමාජ ජාලයේ නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

මදූෂ්ව ආරක්ෂා කර ගත යුතුව තිබුණු බව පවසන නි.පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ ඒ හරහා තොරතුරු සියල්ල ලබාගත යුතුව තිබුණු බවයි.  මදූෂ්ගේ ඝාතනය ගැටලුවක් වී ඇති බව තමන් පිළිගන්නා බවද නි.පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මදූෂ්ගේ වැටලීම සඳහා  STF  අරන් නොයෑම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් ඇතැයි පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ මදූෂ්ව නිරුපද්‍රිතව ගලවා ගැනීමට නොහැකි වීම ගැටලුවක් බවයි.

මදූෂ්ව ඝාතනය කිරීමට පෙර දින තොරතුරු අනාවරණය වූ බව තමන් නොදන්නා බව පවසන නි.පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මදූෂ්ව දණ ගස්සවා වෙඩි තැබූ බවට යන මතය තමන් පිළිනොගන්නා බවයි.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සහභාගී වූ සම්පුර්ණ වැඩසටහන පහතින්,

Rate this item
(4 votes)
Last modified on Monday, 26 October 2020 23:25

Related items