April 20, 2024

නුගේගොඩ ජනතාපොළ වසා දමයි

නුගේගොඩ ජනතා පොළේ මාලු වෙළෙඳසැලේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඒ අනුව ජනතා පොළේ ව්‍යාපාරික කටයුතු තාවකාලිකව නවතා දැමීමට කෝට්ටේ මහා නගර සභා සෞඛ්‍ය අංශය පියවර ගෙන ඇත.
 
ජනතාපොළ පරිශ්‍රය ජීවානුහරණය කර, සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු පිළිබඳවද ජනතාව දැනුවත් කෙරුණු අතර වෙළඳපොළ කලාපයේ නිරෝධාන දැන්වීම් ඇලවීම පියවර ගෙන තිබේ.

Rate this item
(0 votes)