April 26, 2024

කොරෝනාවලින් පසු මෙරටට එන සංචාරකයන්ට අලූත් ඇප් එකක්

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම පරිගණක යෙදවුම නිර්මාණය කර තිබේ.
 
මෙම පරිගණක යෙදවුම නිර්මාණය කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියට ප‍්‍රතිපාදන ලබාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනයි. එය නිර්මාණය කර ඇත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය විසිනි.
 
කොවිඞ් වසංගත තත්ත්වය යටතේ ශී‍්‍ර ලංකාව සංචාරකයන් සඳහා විවෘත කිරීමේදී ඔවුන් මෙරටට ගොඩ බැසීමට පෙර සිටම ඔවුන් පිළිබඳ සියලූ තොරතුරු ලබා ගැනීම මෙම නව පරිගණක යෙදවුම හඳුන්වාදීමේ අරමුණ බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධ පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා මෙන්ම ඔවුන් සංචාරය කරනු ලබන ප‍්‍රදේශ, ලැඟුම් ගන්නා ස්ථාන හා අදාළ කාල වකවානු පිළිබඳ දත්ත ලබා ගැනීම මෙමගින් කටයුතු කෙරේ.
 
මෙරටට පැමිණෙන සංචාරකයෙකුට වීසා අනුමැතිය ලබාදෙන අවස්ථාවේදී මෙම පරිගණක යෙදවුමට ඔහු හෝ ඇය සම්බන්ධ කර ගැනෙනු ඇත. එම සංචාරකයන්ට මෙරටට පැමිණීමට අනුමැතිය ලබාදෙන විටම ඔවුන් පිළිබඳව සියලූ තොරතුරු මෙරට සියලූම දිස්ති‍්‍රක්කවල මහජන සෞඛ්‍ය බලධාරීන් ඇතුළු අදාළ අංශ වෙත ලබාදීමටද නියමිතයි.
 
මෙම පරිගණක යෙදවුමට මෙරට සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ද ඇතුළත් කිරීමට අපේක්‍ෂිතයි. දැනටමත් මෙරට සංචාරක ස්ථාන 4600 ක් පුරාවිiා වටිනාකම් සහිත සිද්ධස්ථාන 175 ක් පුරා තිබේ. එම තොරතුරු මෙම යෙදවුමට ඇතුළත් කිරීමට නියමිතය. මීට අමතරව මෙරටට පැමිණෙන සංචාරකයන්ට හදිසි අවස්ථාවකදී ඔවුන් නතරවී සිටින ප‍්‍රදේශයේ සංචාරක පොලිසිය සෘජුවම සම්බන්ධ කර ගැනීමටද මෙමගින් හැකියාව ලැබේ.
 
ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මෙම නව පරිගණක යෙදවුම ආගමන විගමන දෙපාර්තමේන්තුවත් සමග හවුලේ කි‍්‍රයාත්මක කරන බවයි. ඒ නිසා එය භාවිතය සඳහා අවශ්‍ය අනුමැතිය සඳහා ඇමැති මණ්ඩලයට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 October 2020 18:45