March 29, 2024

කොළඹ හිල්ටන් හෝටලයේ වැසෙයි : සේවකයෙකුට කොරෝනා

කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරනු ලබන සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම හෝටලයේ සේවා කටයුතු නවතා ඇති බවට ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

කෙසේ වුවත් හිල්ටන් හෝටලයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් දැනුම් දී තිබෙන්නේ ඔවුන් හෝටලයේ සේවා කටයුතු ඊයේ දිනයේදී සිට අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙන්නේ එම හෝටලයට ආසන්නව කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී ඇති බවයි. කෙසේ වුවත් එම ආසාදිතයා හෝටල් පරිශ්‍රය තුලින් වාර්තා වූ බවට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරින් තහවුරැ කර නොමැති අතර මේ වන විටත් ඉදිරි විමර්ශන සිදුකරමින් පවතී.

මේ අතර ගෝල් ෆේස් හෝටලයද සිය සේවා කටයුතු නතර කොට ඇති අතර එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝටල් පාලනාධිකාරියට දැනුම් දී ඇත්තේ හෝටලයේ සියලු සේවකයින් ගේ PCR පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

Rate this item
(1 Vote)