March 29, 2024

"කොරෝනා නවත්තන්න නම් දිස්ත්‍රික්ක මායිම් ගැන ඉක්මණ් තීරණයක් ගන්න" - වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

රජයේ නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරස් තත්ත්වය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරී යාම පිළිබඳව ඉඟි ලැබෙමින් තිබෙන බවත් ඒ සමඟ රට තුළ යම් සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් එම සංගමය පවසයි.

මේ මොහොතේ ආසාදිතයන් වාර්තා වන දිස්ත්‍රික්ක හරහා වෙනත් දිස්ත්‍රික්කයන්වලට කොරෝනා රෝගීන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික්ක මායිම් අතර ඉක්මණ් සහ බරපතළ තීරණයක් ගත යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)