April 19, 2024

පොඩි ලැසීව ආයුද පෙන්වීමට රැගෙන යයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික "පොඩි ලැසීගෙන්" සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි කිහිපයක විස්තර සොයා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සමත් වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන් පොඩි ලැසීද රැගෙන ගොස් ඊයේ (23) පස්වරුවේ මෙම ආයුධ සොයාගෙන තිබුණි.

ඒ අනුව සැකකරුගේ මඟ පෙන්වීම ඔස්සේ පරික්ෂණ සිදු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අම්බලන්ගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ පොඩි ලැසිගේ මිත්තණියගේ නිවසේ සඟවා තිබුණු T56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝලයක් සොයා ගැනීමට සමත් ව තිබේ.

Rate this item
(3 votes)
Last modified on Saturday, 24 October 2020 14:23