April 25, 2024

ද්විත්ව පුරවැසිභාවයට පමණක් ඡන්දෙ දුන් මන්ත්‍රී මුෂාරෆ් රැස්වීමෙන් දොට්ට - නියෝගය සජිත්ගෙන්

අද (23) පැවති සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මහතාව ඉවත් කර තිබේ.

ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ යෝජනාවකට අනුව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

එහිදී අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කිරීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා මුෂාරෆ් මන්ත්‍රීවරයා කණ්ඩායම් රැස්වීමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මුෂාරෆ් මහතා අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය යටතේ දිගාමඩුල්ලට තරග කළ මන්ත්‍රීවරයෙකි.

ඊයේ පාර්ලිමේන්තුවේදී ද්විත්ව පුරවැසිභාවය වගන්තියට එස්.එම්.එම්. මුෂාරෆ්  මන්ත්‍රීවරයා පක්ෂව ජන්දය භාවිත කළේය.

Rate this item
(2 votes)