April 19, 2024

සාමූහික ප්‍රයත්නයේ දුර්වල වීමක් නිසා පාස්කු දින ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අයකුට චෝදනා කිරීමට නොහැකි බවත් එම ප්‍රහාරය සිදු වුණේ සාමුහික ප්‍රයත්නයේ දුර්වල වීමක් හේතුවෙන් බවත් පාස්කු කොමිසම හමුවේ කියා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව ප්‍රහාරය වළක්වා ගැනීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොතිබූ බව පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.

“කොළඹ කොට්ඨාශය භාර ප්‍රධාන පොලිස් අධිකාරීවරයාගේ සිට ක්‍රියාත්මක වීමේ සහ තොරතුර පහළට බෙදාහැරීමේ සන්නිවේදනයේ දුර්වලතාවක් පැවති බව ප්‍රහාරයෙන් පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වුණා. ඔවුන් ඒ වන විට අවධානය යොමු කර සිටියේ සතිපතා සිදු කරන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය වෙතයි.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මධු ජයතිලක මහත්මිය යෝජනා කළේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම පොලිස්පතිවරයා ලෙස ඔබ යටතේ තිබියදීත් නිසියාකාරව ක්‍රියාමාර්ග ගෙන තිබුණා නම් මෙම ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව තිබුණා නේද යන්නයි.

එය තරයේ ප්‍රතික්ෂේප කරන බව කියා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසූයේ, මෙය සාමුහික ප්‍රයත්නයේ අසමත්විමක් බවයි. "It's a system failure" යනුවෙන්ද පුජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් ලබා දුන් බුද්ධි තොරතුර සම්බන්ධයෙන් තමා 2019.04.09 දින එවකට පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතිෆ්, එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, එවකට පොලිස් විශේෂ කාර්යංශය භාරව කටයුතු කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන් සමග සිදු කළ දුරකතන සංවාද අස්ථානගත වෙලා. එම දුරකතන ඇමතුම් වාර්තා අස්ථානගත විම සම්බන්ධයෙන් මාධ්‍ය නොමැතිව කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට තමා සුදානම් බව ද පූජිත ජයසුන්දර මහතා කියා සිටියේය.

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම දුර්වල වුණා.

කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත පදනම්ව නියොජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගැනීම හමුවෙ සෙසු පොලිස් නිලධාරීන් ද සිය රාජකාරිය නිසි පරිදි ඉටු කිරිමට මැලිවු වාතාවරණයක් උද්ගත වුණා යැයිද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා- කතෝලික දේවස්ථානවලට පහර දෙනවා කියලා තොරතුරේ සදහන් වුණා නිසි ආරක්ෂාවක් යෙදුවේ නෑ නේද?

හිටපු පොලිස්පතිවරයා- නිශ්චිත තත්ත්වයක් තිබුණේ නැහැ.

ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා-පල්ලි නිසා අවතක්සේරු කළාද?

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා- 20 තොරතුරු ලැබීමට පෙර ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත්තේ නැහැ නේද?

හිටපු පොලිස්පතිවරයා- ප්‍රතික්ෂේප කරනවා. කණගාටුවෙන් සම්පූර්ණ වචනයක් ගානේ ප්‍රතික්ෂේප කරනවා. බලතල වගකීම් ඔස්සේ ක්‍රියාත්මක වුණා. සමහර අයගේ නොසොලකිලිකම් තිබුණා. බොහෝ තැන්වල අවධානය යොමු කර තිබුණා.

ජනාධිපති නිතිඥවරයා- 20 තොරතුරු ලැබුණම පොලිසිය සීරුවෙන් තියන්න ඕන කියලා හිතුවෙ නැද්ද

ජනාධිපති නිතිඥවරයා - හිටපු රාජ්ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මධු ජයතිලක මහත්මිය- 09 තොරතුරු ලැබිලා නිලධාරීන් 04 කිව්වා කියලා කිව්වාට දත්ත වාර්තාවල නැහැ කියලා යෝජනා කරනවා.

හිටපු පොලිස්පතිවරයා - මම ප්‍රතික්ෂේප කරනවා. ලිඛිතවත් දැනුම් දුන්නා.අන්තර්ගතය බලලා මහජනතාව දැනුවත් නොවන ආකාරයෙන් සලකලා සහජිවනය සංහිඳියාව යහපාලනය වගේම මා සමඟ තිබූ සම්බන්ධතාවය සලකලා මම ඒ අවස්ථාවේ කටයුතු කළේ. මම කරපු හැම දෙයක්ම මම දන්නවා. හදවතට එකඟව මම හැම දෙයක්ම කිව්වා. අත්වැරදීමකින් වුණා නම් පිළිගත්තා. සැකයක් තිබෙනවා. ඒ බව මාධ්‍ය නැතිව කියනවා.

මේ කොමිසම හැරුණු කොට මම මලල්ගොඩ කමිටුවට මුහුණ දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ කටහඬ පරීක්ෂා කළා. එතකොට මම පොලිස්පති. කවුද උපදෙස් දුන්නෙ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදෙව්වා. අනිවාර්ය නිවාඩු යැව්වා. නිළ නිවසේ සිටින විට නිලධාරීන් යෙදෙව්වා මාව බලන්න. මගේ වාහනය පිටුපසින් බයිසිකල් ආවා. වාහනය හරස් කළ තැන් තිබුණා.මම මේ සියල්ල කිසිම තැනක කියා නෑ මේ කොමිසම හමුවේ කියන්න තීරණය කළා මම ඒවා කියනවා.

මගේ විශ්වාසය නිසාය ගෞරවනීය කොමිසම ඉදිරියේ මම දන්න සත්‍ය කරුණු කියන්නේ. මම අත්අඩංගුවට ගත් අවස්ථාවේ වත් නොකියු සියලු කරුණු විශ්වාසයෙන් කොමිසමට කියනවා යැයිද කියා සිටියේය.

Rate this item
(1 Vote)