April 20, 2024

රටේ සිටි දුර්වලම පාලකයා වුවත් 20ට පක්ෂව ඡන්දෙ නොදෙන්න හිටපු ජනපතිට කොන්දක් තිබ්බා

මේ රටේ හිටපු දුර්වලම හා අසාර්ථකම ජනාධිපතිවරයා වුවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය නොදීමට කොන්දක් තිබුණු බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද ප්‍රශ්න තිබුණද ඔහු මුල් වී සම්මත කළ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටීම අගය කළ යුතු බවද අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බරපතළකම මත ඊට පක්ෂව ඡන්දය දීමෙන් තමන් දේශපාලන අනාථභාවයට පත්වන බව මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයා තේරුම් ගෙන තිබුණු බවද අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පල කලේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Rate this item
(4 votes)
Last modified on Friday, 23 October 2020 14:18