April 20, 2024

සිංහල ආණ්ඩුවේ අධිකරණ ඇමතිකමට මුස්ලිම් ජාතිකයෙකු පත් කිරීම සතුටක් - රාජිත

සිංහල ජාතික ආණ්ඩුවේ අධිකරණ ඇමති ධූරය මුස්ලිම් ජාතිකයෙකුට දීම පිලිබඳ තමා සතුටු වන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

අධිකරණ අමාත්‍ය ධූරයකට මුස්ලිම් ජාතිකයෙකු වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පත් කිරීම පිළිබඳව ඇතැමෙකුට ප්‍රශ්න තිබුණත් තමාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිලිබඳ විවාදයට එක්වෙමිනි.

Rate this item
(0 votes)