April 19, 2024

මීගොඩ ආර්ථිකයේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා - හෝමාගම තවත් තිදෙනෙකුට කොරෝනා

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පවසන්නේ එම ව්‍යාපාරිකයාගේ ආයතනය වසාදමා ඔහුගේ ආශ්‍රිතයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකිරීමට පියවර ගත් බවයි.
 
ආසාධිත ව්‍යාපාරිකයා අසනීප තත්වයක් හේතුවෙන් ජයවර්ධනපුර මහරෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදි කළ පී.සී.ආර්. පරීක්ෂාවකදී කොරෝනා ආසාධිතයෙකු බව හඳුනාගෙන ඇතැයි ජගත් කුමාර මහතා සඳහන් කළේය.
 
ඒ අනුව, මීගොඩ ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පවුලේ පිරිස එම නිවසේදීම ස්වයං නිරෝධායනට ලක් කිරීමටත් ව්‍යාපාරික ස්ථානය හා සම්බන්ධ ආශ්‍රිතයින් ඔවුන් පදිංචි ස්ථානවල ම ස්වයං නිරෝධායනට ලක් කිරීමටත් කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ද විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු අද සවස සිට යළි වෙළඳාම් කටයතු සදහා විවෘත කිරීමට අවසර ලබාදී ඇත.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි එම කාර්යාලය පවසයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 October 2020 12:37