April 20, 2024

මධූෂ්ගේ දේහය ඥාති නිවසකට ගෙනඑයි - අවසන් කටයුතු අද මහරගමදී

වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය මේ වනවිට මහරගම - පමුණුව ප්‍රදේශයේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඊයේ දිනයේදී දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගිය අතර ඉන් අනතුරුව ඥාති නිවස වෙත රැගෙන ගොස් ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේය.

මධුෂ්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය වෙත ඊයේ පැමිණ සිටි අතර, ඒ හේතුවෙන් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබිණි.

මියගිය මාකඳුරේ මධූෂ්ගේ උපන් ගම කඹුරුපිටිය - ගතාරේ ප්‍රදේශයේ වන අතර, ඊයේ දිනයේදී ඇතැම් වාර්තා පළ කර තිබුණේ දේහය මාතරට රැගෙන යන බවයි.

Rate this item
(0 votes)

Related items