March 29, 2024

අපිට බාල්දි දාන්නේ නිමල් සිරිපාල ඇතුළු යහපාලනයේ හිටපු කල්ලියයි - ලක්ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම් වලදී තම පාර්ශ්වයට වඩාත්ම බාධා කරන්නේ තමන් සමග යහපාලන ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ යන යහපාලන ආණ්ඩුවේ ද අමාත්‍ය ධුර දැරූ පිරිස පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගි වන බව ප්‍රකාශ කරන කිරිඇල්ල මහතා ඔවුන් නිතරම තම පාර්ශ්වයට බාධා කරන බව ද පෙන්වා දෙයි.

එහෙත් පක්ෂ නායක රැස්වීම නියෝජනය කරන සැබෑ පොදු ජනපෙරමුණ නියෝජිතයින් තම පාර්ශවය ඉදිරිපත් කරන අදහස් වලට සාමකාමීව සවන් දී ඊට සාධාරණ විසඳුම් ලබාදීම අගය කරන බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(1 Vote)

Related items