March 29, 2024

වේගය වැඩියි - මන්ත්‍රී දොලවත්තට අගමැතිගෙන් දේශනයක්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවෘතව අදහස් පළ කරන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රේමනාත් සී දොලවත්ත මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දේශනයක් දී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පසුගිය කාලය තුළදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හා ඊට පක්ෂව මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට එරෙහිව මාධ්‍ය හමුවේ මත පළ කරන ලදී.

එම අදහස් දැක්වීම පිළිබඳව අවධානයෙන් සිටි අග්‍රාමාත්‍යවරයා දොලවත්ත මහතා සිමාව ඉක්මවා කටයුතු කරන බැවින් ඔහු කැඳවා දේශනයක් දී තිබේ.

දේශනයෙන් පසු දොලවත්ත මහතා නිහඬවම එතනින් නික්ම ගිය බවද වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 October 2020 12:18