March 28, 2024

20 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතය. මෙම විවාදය දින දෙකක් පැවැත්වේ.

සමගි ජල බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට පැමිණියේ රථ පෙළපාලියකිනි. ඒ 20 වැනි සංශෝධනයට විරෝධය පළ කිරීම සඳහායි.

මන්ත්‍රීවරුන් සිය අත්වල රතු පැහැති පටියක් පැළඳගෙන සිටි අතර 20 එපා යනුවෙන් සඳහන් කොඩි සහ පෝස්ටර් ඔවුන‍්ගේ රථවල ප්‍රදර්ශනය කර තිබිණි.

මේ එම විරෝධය පිලිබඳව සමගි ජනබලවේගය සමාජ මාධ්‍ය ඔස්සේ පළකල සජීවී වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 October 2020 10:11