April 25, 2024

ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය අවම කිරිම වෙනුවෙන් නව රෙගුලාසි

ශ්‍රී ලංකාව තුළ පොලිතීන් හා ප්ලාස්ටික් වලින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා 2017 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිශ්පාදනය තහනම් කිරීම, පොලිතීන්වලින් ආහාර දවටන නිශ්පාදනය කිරීම තහනම් කිරීම හා පොලිතීන් විවෘත භූමියේ දහනය කිරීම තහනම් කර තිබේ.

ඒ අනුව තවදුරටත් පාර්ශ්වාකාර ආයතන සමග පවත්වන ලද සාකච්ඡා හා එකඟතාවලට අනුව, එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය අවම කිරිම වෙනුවෙන් නව රෙගුලාසි කිහිපයක් හඳුන්වාදී තිබේ.

එම රෙගුලාසි 2021.01.01 දා සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

එම රෙගුලාසි පහතින්…

01. PET හා PVC ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිකාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් කිරීම හා විකල්පයක් ලෙස වීදුරු හා වෙනත් අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත ඇසුරුම් භාවිත කිරීම.

02. මිලි ලීටර් 20/ ග්‍රෑම් 20ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ ඇසුරුම් තහනම් කිරීම (ආහාර හා ඖෂධ සඳහා භාවිත කිරීම හැර) හා විකල්පයක් ලෙස මිලි ලීටර් 100/ ග්‍රෑම් 100 හෝ ඊට වැඩි ඇසුරුම් භාවිත කිරීම.

03. ප්ලාස්ටික්වලින් සාදන ලද විවිධ හුළං පුරවන ලද සෙල්ලම් බඩු තහනම් කිරීම (බැලුන්, බෝල වර්ග හා දියමත පාවෙන සෙල්ලම් බඩු හැර) හා ඒ සඳහා විකල්පයක් ලෙස පරිසර හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍යවලින් නිශ්පාදිත දෑ භාවිත කිරීම.

04. ප්ලාස්ටික් කොටන් බට තහනම් කිරීම (සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා ද්‍රව්‍ය හැර) හා විකල්පයක් ලෙස දිරිපත්වන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත කොටන් බට භාවිත කිරීම.

05. සියලුම ප්ලාස්ටික් නිශ්පාදනයන්හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික හඳුනාගැනීම වෙනුවෙන් 1-7 දක්වා වූ කේත සඳහන් කිරීම අනිවාර්ය කිරීම.

Rate this item
(2 votes)