March 29, 2024

වෘත්තීය ජීවිතය වෙනත් මඟකට - යෝෂිත නාවික හමුදාවෙන් ඉල්ලා අස්වෙයි

යෝෂිත රාජපක්ෂ මහතා ඔක්තෝබර් මාසයේ 10 වන දා සිට බලපැවැත්වෙන පරිදි නාවික හමුදාවෙන් ඉවත් වී ඇති බව වාර්තාවේ.
යෝෂිත රාජපක්ෂ මහතා 2006 වසරේ නාවික හමුදාවට බැදුණු අතර, 2020 දක්වා එහි සේවය කළේය. ඒ අතර කාලයේ දී, යුක්රේන ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමට ඔහු සමත් විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර භාර ගන්න යැයි කළ ඉල්ලීම අනුව සිය වෘත්තීය ජීවිතය වෙනත් මාවතකට යොමු කිරීමට තමන් තීරණය කළ බව යෝෂිත රාජපක්ෂ පවසයි.
නාවික හමුදාවෙන් ඉවත් වීම සදහා ඔහු කළ ඉල්ලීම ආරක්ෂක අමාත්‍යංශය විසින් පිළිගෙන තිබේ.
Rate this item
(0 votes)