March 28, 2024

"කොරෝනා දැන් සමාජයේ ව්‍යාප්තවෙලා අවසන් - ආන්ඩුව කියන්නේ බොරු" - රවී කුමුදේශ් (VIDEO)

කොරෝනා සමාජයේ දැන් ව්‍යාප්ත වී අවසන් බවත් ආණ්ඩුව ජනතාවට බොරු කියමින් සිටින බව ශ්‍රී ලංකා රසායානාගාර සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියි.

ඔහු මේ බව පවසා තිබුණේ යුටියුබ් සමාජජාලයේ නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

මෙරට සිදුවන PCR ක්‍රමවේදය වංචාවක් බවත්, පුද්ගලික අංශය සහ විශ්ව විද්‍යාලය විසින් කරනු pcr පරීක්ශන නිරවද්‍ය නොවන බවත් ඒවා පිළිගත නොහැකි බවත් ඔහු කියා සිටියි.

"අද pcr කෙරෙන්නේ දෙවිදියකට Airport එකෙන් කොටසක් අපේ පර්යේෂණාගාරය හරහා යනවා. තවත් අය VVIP පර්යන්ත හරහා යනවා. කෙරෙනවද නැද්ද කියල දන්නෙත් නැහැ. pcr අද කෙරෙන්නේ එක එක අයට ඕන විදියට. කිසිම ප්‍රතිපත්තියක් නැහැ. මේ හින්දා රෝගය බෝවීමේ ප්‍රවනතාවය වැඩි. කොයිතරම් පිරිසක් සමාජයේ ඉන්නවද අපි දන්නේ නැහැ." යනුවෙන්ද රසායනාගාර සංගමයේ සභාපති රවී කුමුදේශ් මෙම වැඩසටහන එක්වෙමින් පවසා තිබුණි.

මෙරට PCR පරික්ෂණය අද වන විට මාෆියාවක් බවට පත් වී ඇති බවත්, පෞද්ගලික අංශයට මෙම පරික්ෂණ කිරීමට ලබා දෙන්නේ මුදල් ලබා ගැනීම සඳහා බවත් මෙම මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යංශයද එක්ව ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් එහිදී පවසා සිටියි.

ශ්‍රී ලංකා රසායානාගාර සංගමයේ සභාපති රවී කුමුදේශ් එක් වූ සම්පුර්ණ වැඩසටහන පහතින්,

Rate this item
(4 votes)
Last modified on Monday, 19 October 2020 22:31