March 28, 2024

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 04 දෙනෙකුට කොරෝනා

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබේ.

කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04 දෙනා වාර්තා වූ බවයි.

මේ වන විට එම ව්‍යාපාරික ස්ථානයේ සිටි සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රීතයින් 35 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළේය.

පෙරේදා දිනයේදී මෙම PCR පරීක්ෂණ සිදුකොට ඇති බවයි වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)