පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ඔනරබල් කියා ආමන්ත්‍රණය කරන්නේ මොකට දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කරයි.
ඔනරබල් කියන්නේ වැටුප් හා වරප්‍රසාද නොලබා ස්වකැමැත්තෙන් වැඩ කරන පුද්ගලයන්ට බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එනිසා වැටුප් හා වරප්‍රසාද ලබන මහජන මුදලින් නඩත්තු වන පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ඔනරබල් කියා ආමන්ත්‍රණය කරන්නේ කුමකටද යන්න තමාට ප්‍රශ්නයක් බවත් තමා ඔනරබල් වචනයට අකමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.