April 23, 2024

ඇමති නාමල් රාජපක්ෂ හිටපු ජනපති ජේ.ආර් ව අගයයි

වර්තමාන රජයේ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වන ජේ.ආර් ජයවර්ධන මහතාව අගයමින් ෆේස්බුක් සටහනක් තබා තිබුණි. 

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා මෙම ෆේස්බුක් සටහන තබා තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ කතාවක වීඩියෝ සටහනක් පළ කරමිනි.

ගාමිණි දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස වර්ෂ 1981 වසරේ දී තේරී පත් වූ අවස්ථාවේ එවකට ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සිදු කළ කතාවක කොටසක් මෙලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් උපුටා දක්වා තිබුණි.

සිය කතාව තුළ දී ක්‍රීඩාව තුළ ඇති විනය සහ උපයමාර්ගික බව දේශපාලනය ඇතුළු සෙසු කේෂ්ත්‍රයන් සමඟමද ගලපමින් කටයුතු කළ යුතු ආකාරය ගැන ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

නාමල් රජපක්ෂ අමාත්‍යවරයා විසින් මෙම වීඩියෝව මත සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමන් ඕනෑම ක්‍රීඩාවක තිබිය යුතු විනය සෙසු කේෂ්ත්‍රයන් සමග උපායමාර්ගිකව ගලපමින් කරන මේ අදහස් දැක්වීම අතිශය වැදගත් බවයත් මෙය මෙරට ක්‍රීඩාවේ ජීවගුණය මෙන්ම ප්‍රතිවාදී අභියෝග ක්‍රීඩාශීලිව භාරගනිමින් අප මව්බිමට අභිමානයක් ගෙන ඒමේ හැකියාව ගැන කදිම මතකයක් බවයි.

එම ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Monday, 19 October 2020 12:59