April 19, 2024

වෙන් කල රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි - ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය රෝහල් වෙන් කරයි

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළයාමත් සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ රෝහල් යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම රෝහල්වල පහසුකම් සකස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

දැනට රෝහල් 19 ක කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසුවේ ය.

වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයෙකු සඳහාම ප්‍රතිකාර ලබා දීමට රෝහල් පහසුකම් රජය විසින් සකස් කරන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර කොරෝනා රෝගීන් සඳහා වෙන් කර තිබූ හෝමාගම මූලික රෝහල සහ මොරටුව ලුනාව දිස්ත්‍රික් රෝහල තුල ප්‍රතිකාර කරන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව උපරිම මට්ටමට පැමිණ ඇති අතර හෝමාගම රෝහලේ තවත් කොටසක් වෙන් කරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.

Rate this item
(0 votes)