April 25, 2024

විදුර කියන ආකාරයට රිෂාඩ් අත්අඩංගුවට ගැනීම නරි නාටකයක් බව මටත් පේනවා - උදය ගම්මන්පිල

විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය නරි නාටකයක් බව තමාට ද පෙනී යන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව තම පාර්ශ්වය චෝදනා කළේ මීට වසර එකහමාරකට පමණ පෙර සිට බව පෙන්වා දෙන අමාත්‍යවරයා පොලීසිය බදියුදීන් මහතා පිළිබඳව අවධානයෙන් සිටියේ නම් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙතරම් මහන්සි වීමට සිදු නොවන බව ද සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනුවක් යැවූ අවස්ථාවේ සිටම බදියුදීන් මහතා පිළිබඳව අවධානයෙන් සිටියේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙතරම් පොලිස් කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය නොවන බවද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම් පිළිබඳව පොලීසිය පෙර සූදානමකින් නොසිටි බවටද අමාත්‍යවරයා චෝදනා කරයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 19 October 2020 13:03