April 23, 2024

මේ ලෙඩේ හැදුනොත් කොරෝනා බලපෑම අඩුයි - ඇමෙරිකාවේ සරසවියක කළ පර්‌යේෂණයකින් හෙළිවෙයි

ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ට කොරෝනා වයිරසයෙන් සිදුවන බලපෑම ඉතාමත් අඩු බව ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසක් බ්‍රසීලයේ දී කරන ලද පර්‌යේෂණයකින් තහවුරු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.

මෙහි දී ඩෙංගු වයිරසය ආසාදනය වීමෙන් පසු ශරීරය තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ කොරෝනා වයිරසය මර්දනය කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන ඇතැයි එම පර්‌යේෂණයෙන් වැඩිදුරටත් තහවුරු වී ඇතැයි හෙතෙම පැවසීය.

මේ අනුව ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යන රටවල්වලට කොරෝනා වයිරසයේ දැඩි බලපෑම් එල්ල නොවනු ඇතැයිද එම පර්‌යේෂණයෙන් තහවුරු වී ඇතැයි වෛද්‍ය කාරියවසම් සඳහන් කරයි.

Rate this item
(0 votes)