April 20, 2024

කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟලුම් ආයතනයේ හෙදියකට කොරෝනා

කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හෙදියකට කොවිඩ් -19 වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් තුන්සිය හතළිස් දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (18) දින සිදුකර ඇත.

මෙම හෙදිය පසුගිය තුන්වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති බව කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සමරසේකර පැවසීය.

ඇය හෝමාගම, කිරිවත්තුඩුවේ නිවසට පැමිණ සිටියදී කොවිඩ් -19 වයිරසයේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ තුනක් සිදුකළ බවද හෙතෙම සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේම මෙම හෙදිය දින කිහිපයක් සේවයට වාර්තා කර ඇති බවත්, ඊයේ (18) දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ තුන්සිය හතළිහයෙන් ප්‍රතිඵල වාර්තා අනුව කර්මාන්තශාලාවේ සෙසු සේවකයන් පිළිබඳව පියවර ගන්නා බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)