April 25, 2024

විදෙස්ගත වුනාමත් පත්තර බලනවාද ? - හිටපු ජනපති පිළිතුරු දෙයි

ඔබ ඔය කුමන කරුණු කිව්වත් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට ජාතික ආරක්ෂක කවුන්සිලය නිසි අවධානය යොමු නොකළ නිසා ඉකුත් වසරේ අප්‍රේල් 21 මේ බෝම්බ පිපිරීම් මාලාව සිදුවුණා යැයි කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් ඔබ එය පිළිගන්නවා දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවාය.

“නැහැ මම එය සම්පුර්ණෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙතන වෙලා තියෙන්නේ ලද තොරතුරු අනුව අදාළ අංශ ක්‍රියාත්මක නොවීම. අවුරුදු ගාණක් දීපු උපදෙස්  ක්‍රියාත්මක නොකිරීම. මෙවැනි ප්‍රහාරයක් ගැන ඔවුන් කිසිම දෙයක් වාර්තා කර නැහැ. නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව නාවික හමුදා බුද්ධි අංශ ප්‍රබලව ක්‍රියත්මක වුණා. එත් අප්‍රේල් 16 තාලන්කුඩා ප්‍රදේශයේ ත්‍රස්තවාදින් යතුරුපැදියක් පුපුරුවා කළ පෙර පුහුණුව ගැන කිසිවෙකු මා දැනුවත් කළේ නැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික හිටපු අභියාචනාධිකරණය විනිසුරුවරයා, “හිටපු ජනාධිපතිතුමනි, ඔබ විදෙස් ගතව ඉද්දිත් මෙරට පුවත්පත් කියවීම සිදුකරනවාද?,” යැයි විමසා සිටියේය.

“ඔව්, මම සමාන්‍යයෙන් කියවනවා. නමුත් මෙවර ප්‍රතිකාර සඳහා ගිය නිසා පුවත්පත් කෙරෙහි අවධානය යොමු වුණේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් පැවසීය.

“නැහැ මම එහෙම ඇහැව්වේ. අප්‍රේල් 16 යතුරුපැදියක් පුපුරුවා සහරාන්ලා කළ පෙර  පුහුණුව ගැන ඔබතුමා පුවත්පතක් කියවලා හරි දැනුවත් වුනාද බලන්නැයි,” ජනාධිපති කොමිසමේ සාමාජික හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)