March 29, 2024

ආණ්ඩුවේම සිටින සම්ප්‍රදායික දේශපාලනඥයින් වියත්මඟට විරුද්ධයි (VIDEO)

වියත්මඟ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය පිරිස තවමත් රටට සේවයක් කර නොමැති බව වියත්මඟ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ සඳහා ඔවුන්ට කාලයක් දිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

වියත්මඟ දේශපාලන පක්ෂයක් නොවන බව පෙන්වා දෙන ඔහු ඉන් රැකියා ලබා දීම, දරුවන් පාසල් දැමීම, රාජ්‍ය සේවයේ මාරු කිරීම් ආදී කටයුතු සිදු නොකරන බවද පවසයි.

ආණ්ඩුවේ සිටින සාම්ප්‍රදායික දේශපාලනඥයින් වියත්මඟට විරුද්ධ බව පෙන්වා දෙන ඔහු ඔවුන් කාලයට අනුව වෙනස් වීමට අකමැති අය බවද අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 October 2020 19:09