April 20, 2024

කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දියක් රත්මලානෙන් හමුවේ – ඇය ආ ගිය තැන් මෙන්න

රත්මලාන කඳවල පාර, සඳුන්ගම රතු කුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී තිබේ.

ඇය මාළු වෙළෙන්දියක් බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ මෙම කාන්තාව දෙහිවල, කරගම්පිටිය ඉරිදා පොළේ මාළු වෙළදාමේ නිරත වූ කාන්තාවක් බවයි.

ඒ අනුව ඇයගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

Rate this item
(2 votes)