April 19, 2024

රිෂාඩ් හොයනවලු, මේවා නරි නාටක - වැඩිකල් ගියොත් එජාපයට වුන දේ අපිටත් වෙනවා - විදුර

රිෂාඩ් බදියුදුන් මහතාව සෙවීමට පොලිස් කණ්ඩායම් 6ක් දමා තිබුනද එමඟින් ප්‍රයෝජනයක් නැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

"ඒ පොලිස් කණ්ඩායම් 6 හොයන්න තවත් පොලිස් කණ්ඩායමක් දාන්න වෙයි. මේවා නරි නාටක. එච්චරයි. නර නාටක මහත්තයෝ නර නාටක. රවී කරුණානායකවත් හෙව්වා. රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන්ව. කාටද මේ විහිලු සපයන්නේ. අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා විහිලු හැටියට නෙවෙයි ගණන් ගන්නේ. තීන්දුව දෙයි. හැබැයි මේවා දිගින් දිගටම සිද්ධ වුනොත් ඊළඟ මැතිවරණයෙන් දැඩි තීන්දුවක් ගනී. එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්."

Rate this item
(0 votes)

Related items