April 23, 2024

සියලු ප්‍රශ්නවලට ආණ්ඩුවට එකම විසඳුම 20ලු

කොරෝනා වසංගතය, ආර්ථික ප‍්‍රශ්න, ජීවන මිල ඉහළ යෑම, නිලධාරී මර්දනය ආදී සියලූම ප‍්‍රශ්නවලට ආණ්ඩුවට ඇති එකම විසඳුම වී ඇත්තේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යැයි සමගි ජනබලවේගය මහ ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ වන විට මේ කොවිඞ් වසංගතය නිසා මුළු මහත් රටම බියවෙලා කලකිරී සිටින වෙලාවක ආණ්ඩුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කිරීම ගැන අපිට කනගාටුයි. අපි අහනවා අද රටේ තිබෙන ලොකුම ප‍්‍රශ්නය 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමද?

අද වන විට ලෝකයම සටන් කරන්නේ කොවිඞ් සඳහා බෙහෙතක් සොයා ගන්නයි. හැම රටක්ම කොවිඞ් සඳහා තරගයට වගේ බෙහෙතක් සොයා ගන්න කටයුතු කරද්දී අපේ රටේ විතරක් 20 වැනි සංශෝධනයට ප‍්‍රමුඛත්වය ලබාදීලා තිබෙනවා. ඒ නිසා තමයි කොවිඞ් වසංගතය මේ විදිහට පැතිර යන්න හේතුවෙලා තිබෙන්නේ.

ආණ්ඩුව මීට වඩා උනන්දු වුණා නම් මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ නෑ. කොවිඞ් වසංගතය පාලනය කරපු හොඳම රටක් ලෙස තමයි ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සැසියේදී කිව්වේ. ඒ කියලා සතියක් ගියේ නෑ කොවිඞ් වසංගතය භයානකම තත්ත්වයකට ඇවිත් තිබෙනවා.

විශාල පිරිසක් අද වන විට විස්සට එරෙහි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පූජ්‍ය පක්ෂය, සංඝ සභාවන් මේ සංශෝධනයට එරෙහි වෙලා සිටිනවා. උන්වහන්සේලා කියන්නේ සංශෝධනයක් නොවෙයි සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවක් ගේන්න කියලයි.

ආණ්ඩුවට අපි කියනවා මහා සංඝරත්නය කියන දේට ඇහුන්කන් දෙන්න කියලා. රාමඤ්ඤ අමරපුර සාමග‍්‍රී සංඝ සභා වගේම අනෙකුත් ආගමික නායකයනුත් තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා නම් රටට වැඩදායී වෙනවා කියලා අපි සිතනවා.

ඒ වගේම විස්ස අස්සේ සහ කොවිඞ් අස්සේ ආණ්ඩුව නිලධාරීන් දඩයම් කරන්න කටයුතු කරනවා. ආණ්ඩුව වැරදි කරලා පස්සේ ඒවා නිලධාරීන්ගේ පිට පටවලා ඒ නිලධාරීන්ව මාරු කරන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මට මතකයි මේ රජය විපක්ෂයේ සිටින කාලයේ කිව්වේ නිලධාරීන්ව අපි හිරේ යැව්වා කියලයි. ඒත් අද මේ ආණ්ඩුව නිලධාරීන්ගෙන් පළිගන්න කටයුතු කරනවා. වෛi පරීක්ෂණ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛi ජයරුවන් බණ්ඩාර මහතා අද ඉවත් කරලා තිබෙනවා.

ඒ වගේම රහස් පොලිසියේ නුවන් වැදිසිංහ මහත්තයා මේ රජයේ උවමනාවන් අනුව කටයුතු කරන්නේ නැති නිසා ඔහුව මාරු කරලා තිබෙනවා. ඔහු දක්ෂ අවංක නිලධාරියෙක්. මෙහෙමයි මේ ආණ්ඩුව නිලධාරී දඩයම කි‍්‍රයාත්මක කරන්නේ. ඒ වගේම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහත්තයාව අද වන විට මාරුකර යවා තිබෙනවා. සත්‍ය කතා කළ නිසා ඔහුව මාරු කරලා තිබෙනවා. රජයට ඕනෑ දේවල් නිලධාරීන් හරහා කර ගන්න යනවා. ඒ වගේම කම්කරු කොමසාරිස් වාර්තාවක් සකස් කරලා තිබුණා මේ රජය ආ පසුව කර්මාන්ත ශාලා කීයක් වැහිලා තිබෙනවාද කියලා. රැුකියා කීයක් ඒ තුළින් අහිමි වෙලාද කියලත් වාර්තාවක් හදලා තිබෙනවා. ඒ නිසාම අද එතුමා මාරු කරන්න යනවා කියලා අපිට ආරංචියි.

ඒ නිසා තමයි අපි කියන්නේ අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා රජයේ නිලධාරීන්ට ස්වාධීනව වැඩ කටයුතු කරන්න ඉඩ සලසා දුන්නා. නමුත් මේ රජය 20 ගෙනාවට පසුව හමුදා අණට අනුව වැඩ කරන්න රජයේ නිලධාරීන්ට සහ රජයේ විධායක නිලධාරීන්ට සිද්ධ වෙනවා. අපි අහනවා මේකටද මේ රජය ගෙන්න ගත්තේ. අද පොලිස් කොමිෂන් සභාව රූකඩයක් කරලා තිබෙනවා. අපේ කාලයේ පොලිස් නිලධාරීන්ව හිතුමතේ මාරුකර යැව්වේ නෑ. ඒත් අද ලැයිස්තු යවලා නිලධාරීන් මාරු කරනවා.

අද බඩු මිල ගැන කතා කරන්නේ නෑ. ජීවන මිල අද වන විට අහස උසට නැඟලා. ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. අපේ කාලයේ උද්ධමනය වැඩි වුණානම් සියයට තුනකට අඩුවෙන් වැඩි වුණේ. අවුරුදු හතරහමාරක් බඩු මිල එකතැන පවත්වා ගන්න අපිට පුළුවන් වුණා. තෙල් මිල, ගෑස් මිල, විදුලි බිල, ජල බිල අපි එකතැන තියා ගත්තා. ඒත් අද වන විට බඩු මිල කොහොමද? වෙළෙඳ පොළෙන් හාල් ටිකක් ගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවාද? සම්බා නෑ. අද පොල් මිල කීයද? සහල් මාෆියාව අද මර්දනය කර ගන්න බැරිවෙලා. පොල් ගෙඩියක් රුපියල් 100 ක් වෙලා. මිල පාලනය කර ගන්න බෑ. ඒ කාලේ නම් කොහොමද කිව්වේ මේ අය. සියයට පනහකින් හැටකින් මේ ආණ්ඩුව යටතේ බඩු මිල වැඩිවෙලා තිබෙනවා. සීනි මිල ගණන් සියයට හැටකින් විතර වැඩිවෙලා තිබෙනවා. රුපියල් 90 කට තිබුණු සීනි අද වන විට 140, 150 යි. පරිප්පු අද වන විට 200 යි. සියයට සියයකින් පරිප්පු මිල වැඩි වෙලා තිබෙනවා. බී ලූනු අද 220 යි. රුපියල් 150 කින් බී ලූනු වැඩි වෙලා තිබෙනවා. වියළි මිරිස්  300 ට තිබ්බේ. දැන් 600 යි. මේකටද මේ ආණ්ඩුව ආවේ සැමන් ටින් එක 300 වෙනකං වැඩි වෙලා. මේ ආණ්ඩුවට බඩු මිල වැඩිවීම පාලනය කර ගන්න බැරිවෙලා.

ආර්ථිකය අනතුරේ. ජන ජීවිතය දුෂ්කරයි. ණය ශ්‍රේණිගත කිරීම්වලින් අද අපි පහල වැටිලා තිබෙනවා. ණය වැඩිවෙලා. මුදල් නෑ. කොවිඞ් ව්‍යාප්ත වෙලා. ගම්පහ අද අනතුරේ. මේ ආණ්ඩුවට ගම්පහ ජනතාව විශාල වශයෙන් ඡුන්දය දුන්නා. ඒත් ආණ්ඩුව ඒකට ප‍්‍රතිඋපකාර කරනවාද? මිනිස්සුන්ව නිරෝධායනය කරනවා. ඒත් ඒ අයට කන්න නෑ, මුදල් නෑ. මේ ආණ්ඩුව සියල්ලෙන්ම ෆේල්, මේ ඔක්කොටම විසඳුම 20 ද කියලා අපි අහනවා. 20 නිසා අද ආණ්ඩුව අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව වැටෙන්නේ 20 නිසා. විජයදාස රාජපක්ෂ, විමල් වීරවංශ වැනි මහත්වරු මේ සඳහා විරුද්ධයි. මේ වන විට ආණ්ඩුවේ මන්තී‍්‍රවරු 20 කට වැඩි පිරිසක් විරුද්්ධ වෙනවා කියලා අපිට දන්වලා තිබෙනවා. අපි කියනවා දැනට විපක්ෂයේ සිටින මන්තී‍්‍රවරු 73 දෙනාම මේ 20 ට විරුද්ධයි. අපෙන් විස්සක් තියා එක්කෙනෙක්වත් ආණ්ඩුවට යන්නේ නෑ කියලා අපි කියනවා.


Rate this item
(0 votes)

Related items