April 24, 2024

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හමුවට එක්වූ මාධ්‍යවේදියෙකුට කොරෝනා යැයි සැකයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 13 දා පෙරවරු 9.30ට පැවැති මාධ්‍ය හමුවට එක්වූ මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කෙනර බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාරත්තමේන්තුව පවසයි.

එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛය අංශ වෙත දැනුම් දී ඇති බවත්, සෞඛ්‍ය උපදෙස් හා මගපෙන්වීම් සෞඛ්‍ය අංශ විසින් එම මාධ්‍යවේදීන් වෙත කඩිනමින් ලබා දෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ආසාදිත යැයි සැක කෙරේන මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රතිඵල ලැබෙන තෙක් අදාළ මාධ්‍ය හමුවට එක්වූ සියලු මාධ්‍ය වේදීන් බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වෙත රැදී සිටින ලෙසද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.

Image
Rate this item
(0 votes)