March 29, 2024

කොරෝනා මර්ධනය පිරිසකට දැන් බිස්නස් එකක්

කෑදර ධන තණ්හාවෙන් පෙළෙන පිරිසක් කොවිඞ් නිරෝධායන සහ මර්දන ක‍්‍රියාවලිය ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇතැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා චෝදනා කර සිටියේය.
 
එය සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළු සමස්ත ජනතාව කරන කැප කිරීම්වලට බලවත් අසාධාරණයක් බව හෙතෙම පැවසීය.
 
ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා එම අදහස් පළ කළේ රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් මහාධිකරණයේදී විභාග වන නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.
 
"නිරෝධායන නීති කඩ කළේ යැයි කියන පුද්ගලයන් එකසිය විසි ගණනක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙනවා. නමුත් නැවත වරක් මේ කොරෝනා වෛරසය පතුරුවන්න මුල්වූ ගුවන්තොටුපළ බලධාරීන් සහ අනෙක් පාර්ශ්වය ගැන කිසිදු පියවරක් මේ වන තෙක් අරගෙන නැහැ. ඔවුන් අත්අඩංගුවට නොගෙන නිරෝධායන නීති කඩ කළේ යැයි කියමින් අනෙක් සාමාන්‍ය ජනතාව පමණක් අත්අඩංගුවට ගැනීම බලවත් අසාධාරණයක්. මෙම ප‍්‍රශ්නය තවදුරටත් ගැට   ගැසීමෙන් කරන්නේ ජාතික අපරාධයක්. ක‍්‍රම ක‍්‍රමයෙන් කොවිඞ් නිරෝධායන ක‍්‍රියාවලිය සහ කොවිඞ් මර්දන ක‍්‍රියාවලිය කෑදර ධන තණ්හාවෙන් පෙළෙන පිරිසක් ව්‍යාපාරයක් බවට පත්කරගෙන තිබෙනවා. එය සමස්ත ජනතාව කරන කැප කිරීම්වලට බලවත් අසාධාරණයක්."

 

Rate this item
(0 votes)