March 29, 2024

කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක්

20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි.

සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බව එම සම්මේලනයේ මතයවී තිබේ.

කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හරහා ජනතාවගේ සැබෑ ජනමතය ප්‍රදර්ශනය නොවන බවයි.

සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සකස්කිරීමට දායක විය යුතු බවත් එහිදී විවිධ අර්ථ කතන සිදුකිරීමට නොහැකි ආකාරයෙන් අඩුපාඩු සකස් කළ යුතු බවත් රදගුරු සම්මේලය නිකුත්කල නිවේදනයේ සඳහන් ය.

කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති , බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපානන් සහ මහලේකම් කොළඹ සහායක රදගුරු අතිඋතුම් ඇන්තනී ජයකොඩි හිමිපාණන්ගේ අත්සනින් මේ නිවේදනය නිකුත්කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 15:34