April 18, 2024

වැඩිම කොවිඩ් රෝගී ගණන මිනුවන්ගොඩින්

කොරෝනා දෙවැනි රැල්ලෙන් වැඩිම රෝගීන් ඝනත්වයක් මිනුවන්ගොඩ ආසනය තුළ සිටින බව වාර්තා වේ.

මිනුවන්ගොඩ ආසනය තුළ ග්‍රාම සේවා වසම් 121ක් ඇති අතර එහි පී,සී.ආර්. පරීක්ෂණයෙන් පසු හඳුනා ගත් රෝගීන් 478ක් සිටින බව වාර්තාවේ. ඔවුන් සියලු දෙනාම ඇඟලුම් කම්හල් සේවය කළ හා ඒ ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තාවකාලිකව රැකියා සඳහා වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ නවාතැන් ගෙන සිටින අය වෙති.

මිනුවන්ගොඩ ආසනයේ ඇති ග්‍රාම සේවා වසම් 121හිම එක් රෝගියෙක් හෝ හඳුනා ගැනීමට හැකි වීමද මෙහි විශේෂත්වයකි

Rate this item
(0 votes)