April 25, 2024

ගංජා වල වාණිජ පැත්ත එතුමාගෙන් අහගන්න - මම නම් වවන්න ඉඩ දෙන්නේ නැහැ

තමා ගංජා වැවීමට ඉඩ නොදෙන බව නිතිය හා සාමය කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඒ වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ගංජා වගාව නීත්‍යනුකුල කර එම නිෂ්පාදන අපනයනය කිරීමේ විදේශ විනිමය ඉපයිය හැකි බවට කර තිබෙන ප්‍රකාශයක් මුල් කොට ගෙන සමඟි ජන බලවේගයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

ගංජා වගාවේ වාණිජ පැත්ත බන්දුල ගුණවර්ධන මහතාගෙන් අසා දැනගන්නා ලෙස දැනුම් දුන් රාජපක්ෂ මහතා ගංජා වැවීමට තමා ඉඩ නොදෙන බව සඳහන් කළේය.

Rate this item
(0 votes)