March 29, 2024

ආණමඩුවේ ගම් කිහිපයක ඇතුළුවීම - පිටවීමට සීමා

ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දින (7) දහවල් සිට ඇතුළු විම හා පිටවිම සිමා කර ඇත.

මේ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපලේ සේවය කරනු ලබන 23 හැවිරිදි තරුණයකු කොරෝනා ආසාධිතයකු බවට තහවුරු විම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ආසාදිත තරුණයා ආඩිගම පුනවිටිය ගම්මානයේ පදිංචි කරුවෙකි.

නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී රෝග ලක්ෂණ මතු කිරිමත් සමඟ රෝහල්ගත කිරිමේන් පසුව P.C.R පරික්ෂණ වලින් අනතුරුව තහවුරු කරගෙන ඇත.

තරුණයා ඇසුරු කළ පදිංචි නිවසේ සිව් දෙනෙකු ඇතුළු තවත් 40 කට ආසන්න පිරිසක් 7 දින සිට නිවාස 14 ක් තුළ ස්වං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කර ඇත.

මේ සමගම අදාල ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම වලට යොමු කිරිමට ද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සේම ආණමඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇත.    

Rate this item
(1 Vote)