March 29, 2024

හොරණ පුද්ගලයෙකුට කොරෝනා - බිරිඳ හෙදියක්..හොරණ රෝහලේ වාට්ටුවක් වසා දමයි

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩින්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ කඳන්හේන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට ඊයේ (06) දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පීසීආර් පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.

ඒ අනුව එම රෝගියා වහාම අයිඞීඑච් රෝහලට මාරු කර යැවීමට කටයුතු කළ අතර ඔහුගේ බිරිඳ හොරණ මූලික රෝහලේ හෙදියක් වශයෙන් සේවය කරන බැවින් ඒ සම්බන්ධයෙන් හොරණ රෝහල් බලධාරීන්ට ද දන්වා යැවූ බව කළුබෝවිල මහතා පැවසීය.

එම සිද්ධිය සත්‍ය බවත් එම හෙදිය සහ දරු දෙදෙනා පීසීආර් පරක්‍ෂණවලට ලක්කර නිරෝධායනට යොමු කර ඇති අතර එම හෙදිය සේවය කළ හොරණ මූලික රෝහලේ 5 වෙනි වාට්ටුවට මේවන විට කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඇතුළත්වීමට සහ පිටවීමට නොහැකිවන සේ තාවකාලිකව වසා දමා ඇති බවත් හොරණ මූලික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික ධර්මරත්න මහතා පැවසීය.

පවත්නා ඔිනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා හොරණ මූලික රෝහලේ පැරණි හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ අංක 01 වාට්ටුව කොරෝනා රෝගීන් ඇතුළත් කර ගැනිම සඳහා සුදානම් කර ඇති බවද ධර්මරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)