March 28, 2024

පොල් තොග සඟවන වෙළෙඳුන්ට වැඩ වරදී

පොල් තොග සඟවන සහ පාලන මිලට පොල් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී පාලන මිලට වැඩියෙන් පොල් අලෙවි කළ වෙළෙඳුන් රැසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව පසුගිය සිකුරාදා දිනයේ සිට පොල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් පාලන මිල ප්‍රකාශයට පත් කිරීමත් සමග මේවන විට වෙළෙඳපොළේ පොල් හිඟයක්ද පවතින බව වාර්තා වේ.

Rate this item
(1 Vote)