ශ‍්‍රී ලංකාවට පැමිණි ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය.ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට ගත කල කාලයේදී සිහිපත් කරන ලද එකම පුද්ගලයා ජේ.ආර්. ජයවර්ධන මහතා බව වාර්තාවෙයි. 1951 දී පැවති සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානය අන්තර් ජාතික ප්‍රජාවගේ සමාජිකයෙකු ලෙස සලකන ලෙස ඉල්ලමින් ජපානය වෙනුවෙන් අදහස් දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතා එරටට පිහිටවූ ආකාරය සිහිපත් කළේය.
එමෙන්ම ජපාන අග්‍රාමාත්‍යවරයා අද උදෑසන 8.30ට පමණ කැළණි විහාරයට ගොස් ඇත්තේද හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් නැරැඹීම අරමුණු කර ගනිමිනි.ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට සිටි කාලය තුළ වැඩිම කාලයක් යොමු කර ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජපානයේ සහයෝගයෙන් කරන ලද ව්‍යාපෘති නැරඹීම සඳහාය.
1951 වසරේ සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයෙන් යුධ වන්දි ලබා ගැනීමට අවස්ථාව තිබියදී "නහි වේරේන වේරානි " බුදුවදන සිහි කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට මෙත් සිත් පැතිරවිය.මෙයට අදත් කළගුණ සළකමින් ජපානයේ ස්මාරක තනා ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුව,ජාතික රූපවාහිනිය සහ ජයවර්ධනපුර රෝහල අපට ජපානය විසින් ලබාදුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාට කළගුණ සැලකීමටය.