April 19, 2024

කෝප් කමිටුවේ පළමු කැඳවීම ගල් අගුරු සමාගමට

9 වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ලබන 6 වනදා සිට ආරම්භ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. 

ඒ අනුව, 6 වැනිදා සිට 23 වනදා දක්වා කෝප් කමිටුව රැස්වීමට නියමිතය.

සීමාසහිත ලංකා ගල් අගුරු සමාගම පළමුවෙන්ම කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත.

2009 වර්ෂයේ සිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව මත පදනම්ව එහි නිලධාරින් එදිනට කැඳවා ඇත.

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා ඔක්තෝම්බර් 20 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය, අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එමෙන්ම, ඔක්තෝම්බර් 23 වනදා පොල් සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 October 2020 15:51

Related items