March 29, 2024

බූවැලිකඩ විත්තිකරු ලෙව්කේ අධිකරණය හමුවේ

September 29, 2020

මහනුවර බුවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමි, අද අත්අඩංගුවට ගත් අනුර ලෙව්කේ මේ වනවිට මහනුවර අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමය ඉදිරිපත් වී ඇත.

අනුර ලෙව්කේගේ පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වුයේ රියෙන්සි අරස්කුලරත්න, නන්ද සේනානායක, සමන් තන්තිරිගේ, තිස්ස සෙනෙවිරත්න යන නීතිඥවරුන්ය.

මෙම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී දෙපාර්ශවය විසින්ම අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දැක්වීම නිසා මහේස්ත්‍රාත්වරයා විසින් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම කල් තැබීය.

Rate this item
(0 votes)

Related items