March 29, 2024

සමගි ජන බලවේගයේ එල්ලෙන්න එජාප අනාගත නායකයාගේ දැඩි කැමැත්තක්

September 28, 2020

තමන් නායකත්වයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වීමට සූදානම් බවට එහි නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සජිත් ප්‍රේමදාස පාර්ශවයට පණිවිඩයක් යවා ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්ව තිබෙන විජේවර්ධන මහතා එළැඹෙන වසර මුල වන විට පක්ෂ නායකත්වයට පත් වෙනු ඇති බව විශ්වාස කෙරේ.

ඉන්පසු ඉහත සඳහන් වැඩපිළිවෙළට අවතීර්ණ වීමට ඔහු තුළ සූදානමක් තිබේ.

එහෙත් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙන බව සමගි ජන බලවේගය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මැතිවරණවලදී නාමයෝජනා භාර දීමේ දී එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන අපේක්ෂකත්වය සංඛ්‍යාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)