March 28, 2024

නැවියන් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීමෙන් පසු ශ්‍රී ලාංකිකයන් 19ක් නිරෝධායනයට

September 28, 2020

අයි.ඕ.සී. සමාගම වෙත ඉන්ධන රැගෙන ත්‍රිකුණාමලයට පැමිණි නෞකාවේ සිටි නාවිකයන් 17 දෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බව වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේය.

මෙම නෞකාව පළමුව කොළඹ වරායට පැමිණ පසුව ත්‍රිකුණාමලය බලා පිටත්ව ගියහ.

මේ වනවිට අදාළ නෞකාව ත්‍රිකුණාමල වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බව වාර්තා වෙයි.

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතරින් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ තවත් දෙදෙනෙකු පමණක් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේය.

Rate this item
(0 votes)