October 30, 2020

කොටි නායක සැමරුමකට බාධා කලැයි යාපනය උණුසුම් Featured

September 28, 2020

හිටපු කොටි නායකයෙකු වූ ත්‍යාගදීපම් දිලීපන් නැමත්තාගේ 33 වන ගුණ සැමරුම් සැමරීමට නොලැබීම හේතුවෙන් යාපනයේ උපවාසයක් හා විරෝධතාවක් 26 දින සංවිධානය කොට තිබුණි.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ශිවම් හින්දු කෝවිල ඉදිරිපිටදී දේශපාලන පක්ෂ නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් උපවසායක් සංවිධානය කොට තිබුණි.

එහිදී උපවාසයේ නිරත වූවන් කියා සිටියේ මිය ගිය ඔනෑම අයෙකු සිහිපත් කිරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවටත් උතුරේ දෙමළ ජනතාවගේ අයිතිය වත්මන් ආණ්ඩුව විසින් නැති කොට ඇති බවටත් දිලීපන් ගුණ සැමරුමට එරෙහිව ගෙන ඇති අධිකරණ තහනම් නියෝගය මගින් දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුව ඇති හෙයින් වහාම සාධාරණීය විසඳුමක් ලබා දෙන ලෙසටත්ය.

එමෙන්ම යාපනය විශ්වවිද්‍යාල භූමියටද එහි සිසුන් පිරිසක් විසින් කලු පැහැති ඇඳුමින් සැරසී පැමිණීමත් සමග සරසවි භූමියට පොලීසිය කැඳවීමත් සමග උණුසුම් තත්වයක් හට ගැනුනි.

පසුව පොලීසිය විසින් පවසා සිටියේ අධිකරණ තහනම් නියෝගය සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙසටය එහිදී සරසවි සිසුන් විසින් තමන්ට ඕනෑම වර්ණයකින් ඇඳුම් පැළඳ පැමිණීමට හැකි බව පවසමින් යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි යුද්දෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය අසලදී ගුණ සැමරුමක් සිද කළ අතර රජය විසින් අධිකරණ තහනම් නියෝගයක් ලබා දීමට එරෙහිව විරෝධතාවයද පල කරන ලදි.

හිටපු කොටි නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තා 1987 සැප්තම්බර් මස 26 වනදා මාරාන්තික උපවාසයක් සිදුකොට මිය ගොස් ඇත.

Rate this item
(0 votes)