February 10, 2025

නීති විරෝධී ජාවාරම්කරුවන්ට තිබෙන්නේ තව ටික කාලයයි

September 27, 2020

ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී කටයුතු ඉතා ඉකමනින් නතර කරන බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නව අණදෙන නිලදාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම ඔවුන්ගේ නීති විරෝධී මුල්‍ය ගණුදෙණු වලට ද තිත තබන බව ඔහු සඳහන් කරයි.

බන්ධනාගාරයේ සිට මෙහෙයවන ජාවරාම් මෙහෙය විමේ වැඩපිළිවෙල මේ වන විට සම්පුර්ණයෙන්ම නතර කොට ඇති බවද ජයසුන්දර මහතා පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම ආරක්ෂක ලේකම්, වැඩ බලන පොලිස්පතිවරයා තමාට සංවිධානාත්මක අපරාධ කල්ලි මඩින්න, මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කරන්න මෙන්ම ගිනි අවි අත්අඩංගුවට සෘජු නියෝග ලබා දුන් බවත් ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවක් එක්වෙමිණි.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449