April 18, 2024

පළාත් සභා සුදු අලියකු බව හිටපු ඌව මහ ඇමතිගේ කතාවෙන් පැහැදිලි වේ - බිලියන 23 න් 18ක්ම පුනරාවර්තන වියදම් වලට

September 25, 2020

පළාත් සභා සුදු අලියකු බව හිටපු පළාත් සභා මහ අමාත්‍යවරයෙකු වන චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවක දී තහවුරු වී තිබේ.

ඌව පළාත් හිටපු මහ ඇමතිවරයා වන දසනායක මහතා පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති අතර ඔහු පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ තමන් මහ ඇමැති ධූරය දරන සමයේ ඌව පළාත් සභාවට වාර්ෂික රුපියල් බිලියන 23ක ප්‍රතිපාදන ලැබුණු බවත් ඉන් රුපියල් බිලියන 18ක්‌ම පුනරාවර්තන වියදම් සඳහා වැය වූ බවත්ය.

එනම් ප්‍රතිශතයක් ලෙස 78%ක මුදලකි.

ඒ පළාත් සභාවේ සේවකයන්ට වැටුප් ගෙවීම, ගොඩනැගිලි හා වාහන නඩත්තුව ආදී කටයුතු සඳහාය.

පළාත් සභාවෙන් ජනතාව වෙත සපයන සේවාවන් සඳහා ඉතුරු වූයේ රුපියල් බිලියන 5ක් එනම් රුපියල් මිලියන 5000 ක පමණ මුදලක් බවද ඔහු පෙන්වා දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 September 2020 10:36

Related items