April 20, 2024

සාමවිනිසුරු තනතුරට අවම සුදුසුකම් එයි - දැන් සාමවිනිසුරු පත්වීම් දෙන්නේ මෙහෙමයි Featured

September 25, 2020

අධිකරණ අමාත්‍යාංශය විසින් සාමදාන විනිශ්චයකාරවරුන් වශයෙන් පත්වීම් ලබා දීමේදී මින් ඉදිරියට එවැනි පත්වීම් සඳහා වයස අවුරුදු 60ට අඩු අයට සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම අනිවාර්යය බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ දී දැනට තියෙන කරුණු අනුව අවම සුදුසුකමක් නැහැ. ඉදිරියේ දී වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිශ්චරයකාරවරුන් පත් කිරීමේ දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත්වීම සලකා බලන අතර වයස අවුරුදු 60ට වැඩි අයට ඔවුන් දැනට යෙදෙන සමාජ සේවා සැලකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සලකා බැලීමට තීරණය කර තිබෙනවා.“

“මම විශ්වාස කරන ආකාරයට අධ්‍යාපන සුදුසුකම් මත පමණක් පදනම් වෙලා සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම සුදුසු නැහැ. ඊට වඩා, සමාජ සේවය කරන ඒ සඳහා කැපවෙන, ඒ සඳහා වෙලාව තියෙන අය තෝරා පත්කර ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ තමයි පදනම හැටියට සලකන්නේ.“ යැයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(2 votes)

Related items